අද කාලේ ගොඩාක් කාන්තාවන් කියන කාරණාවක් තමා මගේ පාර්ට්නත් එක්ක ලිංගිකව එකතු වෙන්න පටන් අරන් විනාඩි කීපයක්වත් යන්නේ නෑ, එයා එයාගේ වැඩේ ඉවර කරනවා කියන එක. ඒ වගේම තමා ගොඩාක් පිරිමිලමයි කියන කාරණාවක් තමයි මගේ පාට්නර් මාව දාලා ගියා කියලා. දාලා යද්දි එයා මගේ ශිෂ්ණ පොඩියි මට හරියට මේ වැඩේ කරගන්න බැහැයි කියලා මට දොස් කිව්වයි කියන එක. ඉතින් මේ කරුණු අපි හැමදාම අහන නිසා මේ ලිංගික අප්‍රාණිකත්වය නැති කරලා කොහොමද මේ ලිංගික ක්‍රියාවලියේදී මේ ලිංගය දිගටම ප්‍රමාණවත්ව පවත්වාගන්නේ කියන එක සම්බන්ධව කතා කරමු.

මොකද මේ ලිංගික අප්‍රාණිකත්වය කියන්නේ ඕනම පිරිමි කෙනෙකුට තමාගේ ජීවිතයේ වතාවක් හෝ දෙවතාවක් හෝ කීප වතාවක් තමාගේ වයස අනුව සහ තමාගේ මේ ලිංගික ක්‍රියාවලියට තියෙන ආශාව අනුව ඇතිවෙන්න පුළුවන් දෙයක් නිසා. ඉතින් මේ සම්බන්ධ ඔයාලව දැනුවත් කරනවා වගේම ලිංගික අප්‍රාණිකත්වයට ඔයාලට ගන්න තියෙන හැම ප්‍රතිකාරයක් ගැනම ඔයාලාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

දන්නවනේ වාහනයක් දුවන්න වාහනේ එන්ජින් එකේ කියාකාරීත්වය වගේම වාහනයේ ටයර් වල හුලන් තියෙන්න ඕන වගේම හොඳට තෙල් ගහලා තියෙන්නත් ඕන. ඉතින් ඔයාගේ ඇඟත් ඒ වගේ හරියට තිබ්බොත් තමා මේ ලිංගික ක්‍රියාවලියට ඔයාට හරියාකාරව මුහුණ දෙන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මෙහෙදී විශේෂයෙන්ම ඔයාගේ ඇඟේ තියෙන ටෙස්ටොස්ටෙරෝන්  ලෙවල් එක ඒ වගේම ඔයාගේ ඇඟේ ඉන්සියුලින් එක ඒ වගේම තයිරොක්සින් ලෙවල් වගේම හෝමෝන්ස් නිතරම ඔයාට බලපානවා. ඉතින් මෙවැනි ලිංගික ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දේ ඔයා සිතීම සහ වෛද්‍යවරයෙකුට කියලා චෙක් කර ගැනීම ඉතාමත්ම අත්‍යාවශ්‍ය වෙනවා. මීට අමතරව තව චුට්ටක් එහාට ගියොත් ඔයාගේ සීනි මට්ටම, ඔයාගේ කොලස්ටරොල් මට්ටම, ඔයාගේ බ්ලඩ් ⁣ ප්‍රෙෂර් එක මේවත් ඉතාමත්ම වැදගත් වෙනවා ඔයාගේ මේ ලිංගය හරියාකාරව ප්‍රාණවත්ව තියාගන්න වගේම වැඩිපුර කාලයක් ඔයා ලිංගිකව එකතු වෙන්න. ඉතින් ඔයාගේ හරියට ප්‍රෙෂර් මැනේජ් කරලා ඔයාගේ කොලස්ට්‍රොල් අඩු කරලා ඒ වගේම තමයි ඔයාගේ සීනි පාලනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මේ හැම දෙයක්ම හොඳට හැදෙනකොට ඔයාගේ මයින්ඩ්සෙට් එක හොඳ නෙවා. ඒ වගේම ඔයාගේ බ්‍රේන්සයිකලොජි එකත් ඉතාමත් වැදගත් වෙනවා. ඔයා ඩිප්‍රෙශන් වෙලා නම් ඔයා ඇන්සයයිට් වෙලා තියෙනවා නම් ඔයා හැමවෙලේම කලබල වෙන කෙනෙක් නම් මේ ලිංගික ක්‍රියාවලිය කරන්න යද්දී  ඒ වගේම ඔයා බය වෙලා නම් ඉන්නේ, තැති අරගෙන නම් ඉන්නේ, ඔයා මේක හොඳට ප්‍රෆෝම් කරන්නේ කොහොමද කියලා හිත හිත නම් මේ දේ කරන්න පටන් ගන්නේ, ඒකත් ඔයාට නෙගටිව්ලි බලපානවා.

ඒ විතරක් නෙමෙයි ඔයාගේ ෆිසිකල් ෆිට්නස් එකත් අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. මොකද කම්මැලි වෙලා, ඇඟ තරබාරු වෙලා, ඇඟ එහෙම් මෙහෙන් ෆ්ලෙක්සිබිලිටි නැතුව ගිහිල්ලා ඔයාගේ ප්‍රෆෝමන්ස් අඩුනම් අනිවාර්යයෙන්ම ඒකත් ඔයාගේ ලිංගික තෘප්තිය අඩු වෙන්න හේතු වෙනවා. ඒ වගේම ලිංගික ක්‍රියාවලියේදී ඔයාගේ පාට්නර්ව සතුටු කරන්න බැරි වෙන්න ඒ දේවල් බලපානයට පුළුවන්. මේ ලිංගය ප්‍රාණවත් වීමට හරි උත්තේජනයක් ඉතාමත්ම අත්‍යාවශ්‍යයි. මොන බෙහෙත පාවිච්චි කරත් මොන පෙති බිව්වත් ඔයාට හරියාකාර උත්තේනයක් නැත්නම් හරි මූඩ් එකක් නැත්නම් ඔයාගේ ලිංගය ප්‍රාණවත් වෙන්නේ නැහැ.

ඉතින් ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි අපි ප්‍රතිකාර ගන්නවා, අර පෙත්ත බොනවා මේ පෙත්ත බොනවා ඒත් මගේ ලිංගය ප්‍රාණත්ව නැහැ. ඔව් ලිංගය ප්‍රාණත් වෙන්න ප්‍රධානම හේතුව තමා ඔයාගේ පාර්ට්නර්ගෙන් ඔයාට ලැබෙන උත්තේජනය මදිවීම. ඉතින් අපේ කාන්තාවන්ට කියන සුවිශේෂ දෙයක් තමා තමාගේ පාර්ට්නර්ට ප්‍රසන්න වෙන විදිහට මේ ලිංගික ක්‍රියාවලියේ නියැලෙන්න කියන එක. ඔයාලා දෙන්නට ඔයාලා දෙන්නගේ විවිධ විවිධ බලාපොරොත්තු විවිධ විවිධ සීමා ඇති. නමුත් ඔයාලා දෙන්නට එකට එන්න පුළුවන් නම් එක ප්ලැට්ෆෝමි එකක⁣ට.

විශේෂයෙන්ම තමාගේ බලාපොරොත්තු තමාගේ ඩිසායර්ස් මේවා කතාබහ කරලා හරි තීරණයකට එන්න පුළුවන් නම් ඔයාලා දෙන්නට ලස්සන තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා අනිවාර්යයයි. ඉතින් දෙන්නාගෙම තියෙන ඩිසායර්ස් එකතු කරලා හරියාකාරව උත්තේජනයක් සිද්ධ වුනොත් අනිවාර්යයෙන්ම ඔයාගේ ලිංගික ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. කලින් කියපු කාරණාත් ඔක්කොම එකතු කරලා ලිංගික අප්‍රාණිකත්වයට ප්‍රතිකාර කිරීමට ආරම්භ කිරීමේදී ගොඩාක් වෙලාවට වෛද්‍යවරු ඒගොල්ලන්ගේ සායනික ඉතිහාසය අරන් ඉවරලා සාමාන්‍ය විදියට පරීක්ෂණයක් කරලා ඉවරලා ඔයාට අවශ්‍ය කරන ටෙස්ටින් ටික කරලා බලනවා. නමුත් මේ හැම දෙයක්ම නෝමල් නම් ගොඩක් වෙලාවට ඔයාට ඔයාගේ ලිංගය ප්‍රාණවත්ව තියාගන්න අවශ්‍ය කරන බලඩ් ෆ්⁣ලෝ එක ඉම්පෘෘව් කරන්න මේ ටෙස්ටොස්ටෙරෝන් ඔප්ටිමයිසේශන් එකක් කරන්න වෙනවා. මොකද මේ ටෙස්ටොස්ටෙරෝන් හරියාකාරව තිබීම වැදගත් වෙනවා කියන එක පැහැදිලි කරලා දෙන්නම්.

අවුරුදු 20දී ඔයාට තියෙන ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය ඔයා අවුරුදු 60දී වෙනකොට ඕකෙන් තුනෙන් එකකට අඩු වෙලා යනවා. ඒ නිසා අපේ ජීවිතයේ අවුරුදු 25 පැන්නට පස්සේ ටෙස්ටරස්ටරෝන් ලෙවල්ස් අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් හරියාකාරව ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක නොතිබීම නිසා සහ ඔයා ඔයාගේ ජීවිතය තුළ මේ ටෙස්ටොස්ටෙරෝන්  විනාශ වෙන විදියට කටයුතු කිරීම තමා හේතු වෙන්නේ ඔයාට ලිංගික අප්‍රාණිකත්වය දීර්ඝ කාලීනව පවතින්න. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ඔයාගේ ඇඟේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් හරි ආකාරව මේන්ටේන් කරගන්න. ගොඩාක් වෙලාවට වෛද්‍යවරුන් විවිධ ඖෂධ භාවිතා කරනවා ඔයාගේ අප්‍රාණිකත්වයට අවශ්‍ය කරන ප්‍රතිකාරයක් හැටියට. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා සප්ලිමන්ට්ස් භාවිතා කරනවා.

ගොඩක් දෙනෙක් අපිට කියන කාරණාව තමා මේ ලිංගික ක්‍රියාවලිය ආරම්භ කරද්දී මගේ ලිංගය හොඳට ප්‍රාණවත්ව තිබුණත් ඒත් මේ ක්‍රියාවලිය ආරම්භ කරලා යනකොට ටිකෙන් ටික මගේ ලිංගය අප්‍රාණික වුණා කියන දේ. ඒ වගේම තමයි යෝනියට ඇතුල් කරන්න පුළුවන් ගානට මගේ ශිෂ්ය ප්‍රාණවත් වෙලා නෑ කියන දේ. මේක ෆේස් කරපු ඕගොල්ලෝ දන්නවා කොච්චර මේක ඩිස්ට්‍රෑක්ටින් ද මේක කොච්චර අමාරු දෙයක්ද කියලා. මේ ලිංගික ක්‍රියාවලිය තුළ ඉතින් ඔයා කොච්චර ලැජ්ජාවට පත් වෙනවද, සමහර වෙලාට මේ දේ ඔයා ගෙදර ගිහිල්ලා හිතනවා. සමහර විට නිතර නිතර ඉන්න ගමන් හිතනවා මට මොකද මේ වුනේ කියන එක ගැන. ඉතින් මේකට ප්‍රධාන හේතු තමා ඔයා භාවිතා කරන ප්‍රතිකාර ඔයා හරියට පාවිච්චි නොකිරීම. විශේෂයෙන් ගොඩාක් දෙනෙක් හුරුවෙලා ඉන්නවා මේ වගේ ක්‍රියාවලට කලින් ලොකු මීල් එකක් ගන්න. ඇල්කොහොල් භාවිතා කරනවා. සමහර අය ෆැට් යූස් කරනවා. ඒ කියන්නේ තෙල් සහිත අධික ආහාර ගන්නවා.

ඉතින් මේවා කරලා ගිහිල්ලා, බාත්රූම් එකට ගිහිල්ලා හොරෙන් බිව්වයි කියලා ඔයාට මැජික් එකක් වගේ ලිංගය ප්‍රාණවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ බෙහෙත් ඇඟට අවශෝෂණය කරන්න කාලයක් අවශ්‍යයි. විශේෂයෙන්ම මේ කියන්නේ ඖෂධ වර්ග යූස් කරන එක ගැන. ඒ කියන්නේ ආහාර ගැනීමට ප්‍රථම හිස් බඩින් පාවිච්චි කරන්නයි කියලා. ඊට පස්සේ තමා මේකේ අවශෝෂණය වෙන්නේ. අවශෝෂණය සිද්ධ වෙන්නේ පැය භාගයක් සහ පැයක් තුළ. ඒ වගේම තමයි ඔයා මෙවැනි ආහාර වේලක් ගන්නම් ඔයා හොටෙල් එකට යනවානම් ඔයා කුමනහෝ ආකාරයක පාටියකට යනවා නම්, ඊට පස්සේ නම් මේ ලිංගික ක්‍රියාව සිද්ධ වෙන්නේ, අනිවාර්යයෙන්ම ආහාර ගැනීමට ප්‍රථම මතක් කරලා මේ ඖෂධ ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම අපි වයසට යනවාත් එක්ක ඔයාලට කිව්වා වගේ අපේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක අඩු වෙන්න ගන්නවා. අපේ ප්‍රෆෝමන්ස් අඩු වෙන්න ගන්නවා. ඒ වගේම ඔයා හොඳින් මතක තබා ගත යුතු කාරණාවක් තමා මේ ෆර්ස්ට් රවුන්ඩ් එක කරලා සෙකන්ඩ් රවුන්ඩ් එකට යන්න සමහර වෙලාවට අවුරුදු 35, 45 වෙනකොට ඔයාට බැරි වෙන්න පුළුවන් කියන දේ. ඉතින් ප්‍රථම වතාවේ ලිංගිකව එකතු වෙනකොට ඒ ක්‍රියාවලිය පුරාවටම ඔයාගේ ලිංගය හරියාකාරව ප්‍රාණවත්ව තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් තරුණ කාලේ වගේ ශුක්‍රාණු වොලියුම් එක ඒ වගේම තමා මේක විදලා යන එක අවුරුදු 35 වෙනකොට ඔයාට නැතුව යන්න පුළුවන් කියන දේ ඔයා හොඳින්ම අවබෝධ කරලා තේරුම් ගත යුතු දෙයක්. ඔයගෙන් ටෙස්ටොස්ටෙරෝන් ලෙවල්ස් ඕප්ටිමයිස් කරන වගේම මේ ලිංගික ක්‍රියාවලියේදී ඔයාගේ ප්‍රතිකාර හරියට කන්ටිනියු කිරීම ඉතාමත් වැදගත් වෙනවා මේ ලිංගික ක්‍රියාවලිය පුරාවටම ඔයාගේ ශිෂ්ණය ප්‍රාණවත්ව පවත්වාගන්න. ගොඩක් දෙනෙක් අහන දෙයක් තමා කෙසල් ඒ වගේ කොමඩු ඒ වගේම රටඉඳි වගේ දේවල් ලිංගික ක්‍රියාවලියේ ප්‍රෆෝමන්ස් වැඩි කරන්න හොඳද කියන එක.

ඉතින් ඇත්තටම ඒවා වලට එවිඩන්ස් නැති නිසා ඒවා පාවිච්චි කරා කියලා ඔයාලගේ ඇඟට හානියක් නැහැ. ඉතින් කලින් කියපු කාරණා ටික ඔයා හරියටම කරොත් ඔයාට පුළුවන් ඔයාගේ ලිංගික ක්‍රියාවලිය පුරාවටම ඔයාගේ ලිංගය හරියාකාරව ප්‍රාණවත්ව තියාගන්න. ඔයාගේ පාට්නර්ව සතුටු කරන්න. ඉතින් මේ මතක් කිරීම ලේඩීස් ලට. ඔව්, කාන්තාවනි ඔයාගේ උත්තේජණය එයාට ඉතාමත්ම වැදගත් වෙනවා. එයාගේ ලිංගය හරියාකාරව ප්‍රාණවත්ව තියාගෙන ඔයාව සතුටු කරන්න. ඉතින් ඒ දේ ඔයාගේ අතේ තියෙන්නේ. ඒ වගේම පිරිමියාට කරන මතක් කිරීමක් තමයි මේ ස්වයං වින්දනය පොඩ්ඩක් අඩු කරලා දාන්න. මේ නිල් චිත්‍රපටි බලන එක නම් නවත්තලා දාන්න. ඒකත් ඔයාට උදව් වෙනවා. ඔයාගේ මයින්ඩ්සෙට් එක, ඔයාගේ බ්‍රේන් කෙමස්ට්‍රි එක, ඔයාගේ පාට්නර්ට විතරක් ෆෝකස් කරලා මේ ලිංගික ක්‍රියාවලිය ලස්සනට ඔයාලා දෙන්නගේ දෙයක් හැටියට කරගන්නට.

අන්තර්ජාල වීඩියෝවක් ඈසුරිනි...