මේ ගුද සංසර්ගයට පිරිමි අය ඇයි මෙච්චර කැමති කියන දේ. මේක ඇත්තටම පරිස්සන් සහිත ලිංගික ක්‍රියාවලියක්ද? සතුටුදායික විදියට පරිස්සන් සහිතව කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ සම්බන්ධව දැනගන්නේ මේ අසභය දර්ශන තියෙන චිත්‍රපටි බලලා. ඔයාලා දකිනවා මේවල ඉන්න cඔඋප්ලෙස් ගොඩක් සතුටු වෙනවා මේ දේ කරලා. ඒ වගේම මිහිරි නාද නිකුත් කරනවා මේ දේ කරලා. ඇත්තටම ඔය කියන විදිහට මේකේ සතුට තියෙන්නේ මේක කොහොම හරියට කරොත්ද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

ගොඩක් දෙනෙක් මේ ගුද සංසර්ගය සම්බන්ධව පළවෙනි අත්දැකීම හරි. එහෙම නැත්නම් මේ සම්බන්ධව මේක මොකක්ද කියලා හරි දැනගන්න පටන් ගන්නේ මේ අසභ්ය දර්ශන බලලා ඉවර වෙලා. ඉතින් මේකෙන් ඔයාට හරි දැනුමක් ලැබෙන්නේ නැහැ. නමුත් මේකේ දකිනවා මේගොල්ලෝ මේ අත්දැකීම ගොඩක් සතුටුදායික විදියට කරනවා කියලා. අපි කියනවා මේකට මේ අත්දැකීම ලබන්න තියෙන ආසාව පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙනත් එක්කම ගොඩාක් වෙලට මේගොල්ලෝ මේවා විවාහ වෙන්න කලින් තමන්ගේ හවුල්කරුවන් එක්ක ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ලංකාවේ සදාචාර සංස්කෘතිය මේ වගේ ගොඩක් දේවල් නිසා ඒ කාන්තාවගේ කණ්යාභාවය හානි කරන්න නැතුව කරන්න පුළුවන් ක්‍රියාවලයක් හැටියට මේ ගුද සංසර්ගය ඒගොල්ලෝ දකිනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ දේ කරන්න යොමු වෙන එක තමා ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඒ වගේම ගොඩක් දෙනෙක් කියනවා මේක බොහොම සුන්දර අත්දැකීමක් කියලා. මේක කරපු අය මේ සම්බන්ධව කතා කරන විදිහ පිරිමි අය විතරක් නෙමෙයි ගෑණු අය පවා මේ දේ ගොඩාක් ඉන්ට්‍රෙස්ට් කරලා කතා කරන නිසා මේ කතාබහත් එක්ක මේක නොකරපු කෙනෙකුට මේක කරන්න ආසාව එන්නේ නිරායාසයෙන්මයි. ඉතින් ඒ නිසා මේක හරියට හොයලා බලන්න ඕන නිසා කැමති නිසා මේගොල්ලෝ වෙන පාරකට යනවා. ඒ වගේම මේ අත්දැකීම එක වතාවක් හෝ දෙවතාවක් ලබාගොත්තු පිරිමි කෙනෙක් දන්නවා සාමාන්‍යයෙන් යෝනි මාර්ගයට වඩා මේ ගුධ මාර්ගය පොඩ්ඩක් තද වැඩියි කියලා. විශේෂයෙන් ශිෂ්නය ඇතුල් කරන අවස්ථාවේ යෝනිය වගේ මේ හුදය තෙත්වීමකට ලක් වෙන්නේ නැහැ. අපි දන්නවා මේ ගුදය සහ යෝනි මාර්ගය නිර්මාණය වෙලා තියෙන්නේ මේවල අභ්‍යන්තර මේටිෆයිඩ් ස්වමස් එපිතීලියම්ගෙන්. මේවල විශේෂයෙන්ම කාන්තාවන්ගේ යෝනි මාර්ගයේදී අධික ලෙස තෙත්වීමකට ලක්වෙනවා

මේ තෙත්වීම විශේෂයෙන් වැදගත් වෙනවා වේදනාවක් රහිත ලෙස බොහොම ලස්සන අත්දැකීමක් බවට මේ යෝනි සංසර්ගය පත් කරගන්න. ඕගොල්ලෝ දන්නවා විශේෂයෙන්ම මේ ගුද සංසර්ගය කරන අවස්ථාවේදී අපි රෙකමන්ඩ් කරනවා ඔයාලට වොටර් බේස්ඩ් හරි ඔඉල් බේස්ඩ් හරි දෙයක් පාවිච්චි කරන්න කියලා. එහෙම නැත්නම් කුමන හෝ ආකාරයේ මේ ලුබ්‍රිකේෂන් එක භාවිතා කරන්නයි කියලා මේ ගුද සංසර්ගය කරන වෙලාවට. මොකද යෝනිය වගේ ගුදය තෙත්වීමකට ලක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට කරේ නැත්නම් මේ අත්දැකීම අනිවාර්යයෙන්ම අමිරි අත්දැකීමක් බවට පත් වෙනවා ඔබ දෙපලටම. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේක ලස්සන දෙයක් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ලුබ්‍රිකේෂන් එකක් එකක් භාවිතා කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ පිරිමි පිරිමි සමලින්ගික ආශ්‍රයකදී මේ ගුද සංසර්ගය කියන දේ ප්‍රධාන වශයෙන්ම භාවිතා කරනවා මේ ලිංගික තෘප්තිය වැඩිපුර ප්‍රමාණයක් ලබාගන්න. මේ විශේෂයෙන්ම මේ ගුද සංසර්ගයේ යෙදෙන අවස්ථාවලදී මේ විශේෂයෙන්ම මේ පුරස්ථ ග්‍රන්ති උත්තේජනයක් සිදුවෙන නිසා මේක ගොඩාක් වෙලාවට මේ සුරතාන්තයකට පත්වෙන කලින් ඒ කියන්නේ ශුක්‍රානු පිට වෙන්නට කලින් පවා සුරතාන්තයකට ලක්වෙන්න මේ උත්තේජනය ඉතාමත්ම වැදගත් වෙනවා පිරිමි අයට.

ඒ විතරක් නෙමේ, විශේෂයෙන්ම කාන්තාවක් සමග ලිංගික එකතු වන අවස්ථාවකදී පවා මේක කාන්තාවකට කියලා පිරිමි කෙනෙක් කරගන්න අවස්ථාවල් පවා දක්නට ලැබෙනවා. මේ පිරිමි විශේෂයෙන්ම මතක තබා ගත යුත්තේ මේ ශුක්‍රානු පිට කිරීමෙන්ම පමණක් තමා සුරාන්තයට ලක් වෙන්නේ නැහැ. නමුත් මේක පිට කරන්න කලින් ඔයාලටකීප වතාවක්ම මේ පුරස්ථි ග්‍රන්ති උත්තේජනය මාර්ගයෙන් ශුක්‍රානු පිට කරන්නේ නැතිවම සුරතාන්තයකට ලක්වෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට මේ සෙල්ලම්බඩු භාවිතා කරන්න පුළුවන්. 

මෙහිදී භාවිතා කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ ගුදයට ඇතුල් කරන ප්‍රමානයෙන් ඔයාලට මේ උත්තේජනය ලබාගන්නට පුළුවන්. ඇත්තටම ගුද සංසර්ගයේ පරිස්සං සහිත ලිංගික අත්දැකීමක් බවට ඔබ පත් කරගත යුතුයි. එහෙම නැත්නම් හොඳට මතක තියාගන්න මේක යෝනියක් නෙමෙයි. මේක ස්වාභාවිකව ලිංගික ක්‍රියාවලියකට නිර්මාණය වෙච්ච ශරීරයේ ස්ථානයක් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබ ලිංගිකව එකතු වෙනවා නම් අනිවාර්යයෙන්ම හොඳට ලුබ්‍රිකේශන් භාවිතා කරන්න ඕනේ.

විශේෂයෙන් අපිට කතා කරන අය ගොඩාක් වෙලාවට ගුද ආශ්‍රිත විවිධ විවිධ අසනීප තරත්වයක් ඇති වෙලා ගොඩක් අපි කියනවා ඒවලටර්ස් කියලා. එහෙම නැත්නම් අපි කියනවා ඒවලට අර්ස සමුරු කියලා. එහෙම නැත්නම් ඇතම් අවස්ථාවදි උශාශ්‍රිත පැලීයාම් සිදුවෙලා, තුවාල වෙලා මේ වගේ ප්‍රශ්න වල තමා ගොඩක් දෙනෙක් අපිට කතා කරන්නේ. ඉතින් මේක මේ ලිංගික ක්‍රියාවලිය හරියට මිහිරි අත්දැකීමක් බවට පත් කරගන්නේ නැතුව අමිහිරි අත්දැකීමක් බවට පත්වෙලා තියෙනවා.

හොඳින් මතක තියාගන්න මේ ලිංගික ක්‍රියාවලේ ඔයා කරන්නේ නොදන්න පුද්ගලයෙක් එක්කනම් උපත් පාලන කොපුවක් භාවිතා කරා කියලා ඔයාට මේ ලිංග්‍රාශිත රෝග වලින් 100% බේරෙන්න බෑ. ඒ නිසා තමාගේ විශ්වාසවන්තම පාට්නර් කෙනෙක් එක්ක තමාට විශ්වාසවන්තම ආදරය කරන පුද්ගලයෙක් එක්ක මේ ලිංගික අත්දැකීම විඳගන්න අමතක කරන්න එපා. ගොඩාක් කාන්තාවන් හිතන්න පුරුදු වෙලා ඉන්නවා මේ ගුද සංසර්ගය 100% ක් පිරිමි කැමති ලිංගික ක්‍රියාවලියක් කියලා. මම හිතන්නේ ඒ අදහස වැරදියි. මොකද ඒකට හේතු වෙන්නේ ඔයා එකතු වෙලා ඉන්නවා නම් කවුරුහරි පුද්ගලයෙක් එක්ක එයා මේකට කැමති වුණා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පිරිමි හැමෝම මේ ගුද සංසර්ගය කැමතියි කියන දේ.

ඇත්තටම කිව්වොත් පිරිමි ඔබ මේක කරන්න කලින් මේක ප්‍රථම වතාවන ඔබ කරන්න හිතන්නේ නම් ඔබ කරන්න බලාපොරොත්තු වෙන කෙනාත් එක්ක හරි, ඔයාගේ පාට්නර් එක්ක හටි කතාබහ කිරීම ඉතාමත් අත්යාවශ්‍ය වෙනවා. ඔබ මේක එයත් එක්ක කතා කරලා එයා කැමති නම් විතරක් මේ දේ කිරීමක් වැදගත් වෙනවා. ගොඩක් පිරිමක් කරන දෙයක් තමයි මේ ලි\ම්ගික ක්‍රියාවලිය ආරම්භ කරලා කියන්නෙම නැතුව මේ ශිෂ්නය කාන්තාවගේ ගුදයට ඇතුල් කරන්න උත්සාහ කරන එක. මෙහෙදී  කාන්තාවන්ට මේ අත්දැකීම ඉතාමත්ම අමිහිරි වේදනාකාරී අත්දැකීමක් බවට පත්වෙන්න පුළුවන්.

අපි අමතක කරන්න හොඳ නැහ විශේෂයෙන්ම මේ ගරුත්වය මේ සම්බන්ධව තියෙන දේ අපි එයාට දෙන්න ඕනේ. මම කියන්නේ නෑ අනිත් ලිංගික ක්‍රියාවලදීත් ඒ වගේ කන්සර්න්ට් එකක් ගන්න ඕනේ කියලා, හැමදේම කිය කියා අහ අහා කරන්න ඕන දෙයක් කියලා. නමුත් විශේෂයෙන් මේ ගුද සංසර්ගය කියන එක්ස්පීරියන්ස් එක වෙනස් වෙන්න පුළුවන් ඔයාගේ පාර්ට්නර්ට. ඒ නිසා බොහෝවිට අපි අහලා තියෙන කරුණු අනුව මම ඔයා දැනුවත් කරන්නේ මේ දේ අහලා කතාබහ කරලා කැමති නම් විතරක් කරලා ඊට පස්සේ කන්ටිනියු කරන්න පුළුවන් කියන දේ, කැමති නැත්නම් මේකට එයා මැලි වෙනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම ස්පීක් අප් කරන්න ඕනේ ඔයාගේ පාට්නර්ට. ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ පාර්ට්නර් එක්ක මේක කියලා කතා කරලා මේකට එකඟතාවයකට එන්න ඕනේ. ඔයා අකමැති නම් මේ දේ කරන්න එපා. මොකද විශේෂයෙන්ම ගුද සංසර්ගයක් කරාට පස්සේ ඉතිරි යෝනි සංසර්ගය සහ මුඛ ඩංසර්ගය කරන්න ශිෂ්නය පිරිසිදු නෑ. කොන්ඩම් යූස් කරනවානම් ප්‍රශ්නයක් නෑ. නමුත් විශේෂයෙන් හොඳට මතක තියාගන්න ඔයාගේ ලිංගික ක්‍රියාවලිය ප්‍රසන්න අත්දැකීමක් බවට පත් කරගන්න මේක ඔයාගේ පාර්ට්නර් එක්ක කතාබහ කරලා එයාගේ එකඟතාවය මත පමණක් ක්‍රියාත්මක වන්න.

මේ ලිංගික ක්‍රියාවලිය කරනකොට ඔබ ගුද සන්සර්ගයේ යෙදෙන විට අනිවාර්යයෙන්ම ඔයාගේ පාට්නර් දිහා බලන්න. එයා මේකට අකමැත්තෙන් ඉන්නේ, එයාට මේක මිහිරි අත්දැකීමක්ද නෙමෙයිද කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයා මේ දේ තවදුරටත් බලාත්කාරයෙන් කිරීම වැරදි සහගත දෙයක්. ඉතින් ඒ නිසා එයාට කතා කරන්න එයාගේ මේ අමිහිරි අත්දැකීමක් බවට පත්වෙන්න හේතුව පොඩ්ඩක් දැනගන්න. එයා අකමැති නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ මේ ලිංගික සම්බන්දතාව ඔයාලගේ පර්සනල් රිලේශන්ශිප් එක දියුණු වෙනවාට වඩා  ඒ කනෙක්ශන් එක අඩු වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩි. ඒ නිසා මේ ලිංගික ක්‍රියාවලිය ඔයාලා දෙන්නාගෙ අන්යෝන්ය අවබෝධය තුළ කෙරෙන ලස්සන ක්‍රියාවලියක්. ඒ නිසා මේක වැඩිපුර කරන්න ඔයාලා කැමති නම්, ආසයි නම්, මේක වේදනාවක් නොවෙන්න වගකීම ඔයාලා දෙන්නා අතේ තියෙන්නේ.

අන්තර්ජාල වීඩියෝවක් ඈසුරිනි...